HIRU TV

Tuesday, November 12, 2013

NEWS FOR RUKANTHA GUNATHILAKA

රූකාන්තලාට වදදුන් විත්තිකරුවන්ගේ පෙත්සම ඉවතට

NEWS FOR RUKANTHA GUNATHILAKA

RookanthaChandralekha 410px 13 07 24hirunewsරූකාන්ත, චන්ද්‍රලේඛා යුවලට හිංසා කිරීමේ සිද්ධියට සම්බන්ද විත්තිකරුවන්ට ලබාදුන් දඬුවම ඉවත්කරන ලෙස ඉල්ලා විත්තිකාර අභියාචකයන් විසින් අභියාචනාධිකරණයට ගොනුකරන ලද පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට ද්විපුද්ගල විනිසුරු මඬුල්ල අද  (12) නියෝග කළේය.

 සිසිරද ආබෲ හා චන්ද්‍රා ජයතිලක යන විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුනි.

විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් නීතිඥ ජානක අමරසිංහ මහතා විසින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් පසු පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

වර්ෂ 2000 ජනවාරි 26 හෝ ඊට ආසන්න දින කදී මත්තේගොඩ දී මාරියෝ ග්ලෝරි රූකාන්ත ගුණතිලක හා වැල්මිල්ල ආරච්චිගේ සුරම්‍ය රත්නකුමාරි චන්ද්‍රලේඛා පෙරේරා යන ජනප්‍රිය ගායක ගායිකා යුවලට තර්ජනය කිරීම හා හිංසා කිරීමේ චෝදනා 5 ක් විත්තිකරුවන්ට එරෙහිව න
ගා තිබුණි.

මෙහි චූදිතයන් වන්නේ එදිරිසිංහගේ බන්දුල මධුෂාන් කුමාර, වන්නිආරච්චිගේ දොන් නිහාල් විජේසිරි, මාන් කොට්ට කංකානම්ලාගේ සරත් කුමාර රූපසිංහ, ජුවන්දරගේ කරුණාසේන ජයලත්, පී.ජී. ලෙස්ලි චන්ද්‍රතිලක, අතුල සේනාරත්න, ආර්.පී.ඩී.සෝමරත්න, ආර්.එච්.ධර්මසිරි,  බී. ලලීන්ද්‍ර රාජරත්න, ඊ.ඊ.එස්.රණසිංහ, බී.ඒ.උපාලි ආරියදාස යන පිරිසයි.
මෙම නඩුව විභාග කොට ආර්.පී.ඩී.සෝමරත්න ‍නිදොස් කොට නිදහස් කරන ලද අතර අනිකුත් විත්තිකරුවන් වරදකරුවන් කෙරුණි.

පානදුර මහාධිකරණය මගින් සියලුම වරදකරුවන්ට රුපියල් 21.000 දඩ මුදලක් හා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී. එසේම රූකාන්ත හා චන්ද්‍රලේඛාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙසද නියම කරන ලදී. විත්තිකරුවන් අභියාචනාධිකරණයේ පෙත්සම ගොනුකළේ සියලුම විත්තිකරුවන්ට දෙන ලද දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලමිනි.

No comments:

Post a Comment