HIRU TV

Thursday, October 31, 2013

HOT NEWS FOR AMARICA

ගුවන් යානය තුළ රතී සුව විඳ සිරබත් කෑ නාඳුනන පෙම් යුවළ

HOT NEWS FOR AMARICA
 
Plan love 410px 31-10-13hirunewsපසුගිය දිනෙක ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ඇලෙජියනට්’ ගුවන් සේවයට අයත් යානයක් ලාස් වේගාස් නගරය දක්වා ගමන් කරමින් තිබිණි. මෙහි ගමන් ගත් පිරිස අතර රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක වූ 33 හැවිරිදි ජෙසිකා ස්ටේ‍රා්බල්ද මිදි වගාකරුවකු වූ ක්‍රිස්ටෝපර් මාර්ටින්ද වූහ.

ඔවුන් දෙදෙනා මීට පෙර දැන හැඳුනුම්කම් ඇති දෙදෙනක් නොවූහ. ඔවුන් අසුන්ගෙන සිටියේ කවුළුවක් අද්දරට වන්නට පිහිටි ආසනයකට එක සමීපයේය.

මෙම ගුවන් ගමනේදීම දැන හඳුනාගත්  මෙම යුවළ ගුවන් ගමන ආරම්භකොට වැඩි වේලාවක් ගතවන්නට පෙර  ආරම්භ කළේ කිසිවකු නොසිතූ ක්‍රියාවලියකි. ඔවුහු මෙම ගුවන් යානය තුළදී ප්‍රසිද්ධියේ අඹුසැමියන් සේ හැසිරීමට පටන් ගත්හ. එය මොහොතකින් කෙතරම් දුරදිග
ගියේදැයි කිවහොත් අසැබි චිත්‍රපටයක දර්ශනයක් සජීවී ලෙස නිරූපණය කරන්නක් බවට පත් විය.

ඔවුන් කළ කී දෑ මාධ්‍යයකින් සඳහන් කරන්නට නොහැකි මුත් අන්තර්ජාලයේ නම් එය ඉතා හොඳින් විස්තර කොට තිබෙනු දැකිය හැකිය.

මෙය නවත්වන්නැයි මුලදී ගුවන්යානයේ මගීන් කිහිප දෙනෙකුම පැවැසුවද ඔවුන්  එය තුට්ටුවකටවත් ගණනකට ගත්තේ නැත. මගීන් සඳහන් කරන්නේ අදාළ ක්‍රියාව අවසන් වනතුරුම සිදුකළ බවකි.

අනෙක මෙම ගුවන් ගමනේදී ඔවුන් එක්වරක් පමණක් නොව දෙවරක්ම එම ක්‍රියාවේ නිරත වී තිබේ.

අවසානයේ මෙම තිරිසන් ක්‍රියාව පිළිබඳව ගුවන් සේවය විසින් මෙය එෆ්.බි.අයි. නම් ඇමෙරිකානු අපරාධ විමර්ශන ආයතනයට පැමිණිලි කළ අතර ගුවන් යානය ගොඩ බැස් වූ වහාම මෙම යුවළ අත්අඩංගුවට ගනු ලැබිණි.

එක් මගියෙකු සාක්ෂිදෙමින් පවසා සිටියේ තමා සිය ගැටවර වියෙහි පසු වූ  දරුවන් දෙදෙනා සමග මෙහි ගමන් කරමින් සිටි අතර මෙම ඇසැබි ක්‍රියාව දැකීමෙන් තමන් ඉමහත් අපහසුවට පත් වූ බවය.

''මගේ දරුවන්ට ලිංගික පාඩමක් පෙන්වන්නට මට අවශ්‍ය නැහැ'' යනුවෙන් එම මගියා පවසා තිබිණැයි එෆ්.බි.අයි. නියෝජිත ජේම්ස් මොලිකා පවසයි.

 ‍පොලීසිය මොවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ස්ටේ‍රා්බල් පවසා තිබුණේ සාමාන්‍ය සිප වැළඳ ගැනීමක් මිස එවැනි ක්‍රියාවක් සිදු නොවූ බවයි. තමා මීට පෙර අනෙක් පුද්ලයා හඳුනාගෙන නොසිටි බවත්  ඔහුගේ දුරකතන අංකයක් හෝ තමා සතුව නැති බවත් ඇය පැවැසුවාය. කෙසේ මුත් ලාස් වේගාස් දිස්ත්‍රික් අධිකරණය ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවක් සිදු කළේ යැයි නඩු පැවැරූ අතර නඩු තීන්දුව අනුව ඔවුනට දින 90ක සිරදඬුවමක්ද නියම කෙරිණි.

මෙයට පෙර වර්ෂ  2011 මැයි මාසයේදී ලන්ඩනයේ සිට නිව්යෝර්ක් දක්වා ගමන් කර තිබූ ගුවන් යානයකද මෙවැනි ඇසැබි ක්‍රියාවක් සිදු වූ බවට එෆ්.බි.අයි. ආයතනයට පැමිණිල්ලක් ලැබි තිබේ.

No comments:

Post a Comment