HIRU TV

Tuesday, November 5, 2013

Police claim raiding ‘illegal’ casino

පොලිසිය 'හොර' කැසිනෝවක් වටලයි


Police claim raiding ‘illegal’ casino

Casino club 410px 05-11-13hirunewsකොළඹ,  පුරහල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය 'සලාකා  රෙජිනෝ  නමැති නීති විරෝධී කැසිනෝ ශාලාවක් වටලා එහි සිටි පුද්ගලයින් 43 දෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගත්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.

අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන කිසිඳු කැසිනො ශාලාවක් සඳහා මෙතෙක් නිල බලපත්‍රයක් ලබාදී නොමැත.

එහෙත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා ඔහුගේ කැසිනෝ
  ශාලා 3 සඳහාත්, ව්‍යාපාරික රවී විජේරත්න මහතා ඔහුගේ කැසිනෝ ශාලා 2 සඳහාත් වාර්ෂිකව රුපියල් මිලියන 100 බැගින් දේශීය අධායම් බදු දෙපාර්තමේන්තුවට බදු ගෙවා  ලබාගත් රිසිට්පත් කැසිනෝ බලපත් ලෙස මේවනවිට භාවිතා කරයි.

රටතුල පවතින කැසිනෝ නියාමනය කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව විසින් 2010 වසරේදී කැසිනෝ නියාමන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල අතර, ආණ්ඩුවේ සියලුම හවුල්කාර පක්ෂ ඊට සහයපල කළේය. එහෙත්, එම පනතට ගෙන එන සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් පක්ෂ බලවත් විරෝධයක් මතු කිරීම තුල 'කැසිනෝ' පුළුල් මාධ්‍ය කතිකාවක් බවට පත්ව ඇත.

2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත අනුව 2012 ජනවාරි මස 01 වැනිදායින් පසු වලංගු බලපත‍්‍රයක් නොමැතිව කැසිනෝ සමාජශාලා පවත්වාගෙන යා නොහැකිය.

No comments:

Post a Comment