HIRU TV

Thursday, November 7, 2013

NEWS FOR SKYPE

ස්කයිප් ඔස්සේ නඩු ඇසීමට යයි

NEWS FOR SKYPE

SkypeLogo 410px 13 11 07HIRUNEWSදිවයිනේ ප‍්‍රථම වතාවට අපරාධ නඩුවක් සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ තීරණය කළේ ය.
කොළඹ-03 ඇල්බට් ප‍්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවක ප‍්‍රධාන
සාක්ෂිකරුවකුගෙන් මෙලෙස සාක්ෂි ලබාගැනීමට නියමිත ය. ඒ මේ වනවිට ඔහු නවසීලන්තයේ රැකියාවක නිරතව සිටින බව අනාවරණය වීම හේතුවෙනි.
මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට මෙම නියෝගය කළේ ය.

No comments:

Post a Comment