HIRU TV

Sunday, November 10, 2013

Miss Universe's 'oops' moment

ලෝක රූ රැජිනගේ කිරුළ හැලෙයි !

Miss Universe's 'oops' moment


miss 410px 10-11-13hirunewsවසර 2013 ලෝක රූ රැජින ලෙස කිරුළු පලන් වෙනිසියුලාවේ ගේබ්‍රියල් අයිලර්ගේ (Gabriela Isler) කිරුළ හැලෙන්නට යාමේ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.

මෙසේ කිරුළ හැලෙන්නට ගොස් ඇත්තේ ඇයට කිරුළ පළදවන්නට ගිය අවස්ථාවේදීය.

වසර 2012 ලෝක රූ රැජින බවට පත් ඇමරිකාවේ ඔලිවියා කුල්ප් මෙවර ජයග්‍රාහිකාව වූ ගේබ්‍රියල්ට කිරුළ හිස පළදවන්නට ගිය අවස්ථාවේදී එය ඇගේ හිසෙන් රූටා බිම වැටෙන්නට ගොස් ඇත.

කෙසේවුවද ගේබ්‍රියල් විසින්ම එය බිමට වැටීමට ඉඩ නොතබා රැකගන්නටද සමත්ව තිබේ.

 විසිපස් හැවිරිදි ගේබ්‍රියල්, රූපවාහිනී චරිතයක්
බවද පැවසේ.

ස්පාඤ්ඤයේ පැට්රිකා රොඩ්රිගූස්ට එහි දෙවැනි තැන හිමිවූවාය.

ගේබ්‍රියල්, මෙම කිරුළට හිමිකම් කීවේ තරගකාරියන් 96 දෙනෙකු පාරාජයට පත්කරමිනි.

ඇය වෙනිසියුලාව වෙනුවෙන් ලෝක රූ රැජින ලෙස කිරුළු පළන් හත්වැනියාද වන්නීය.

මේ තරගය මොස්කවුහි පැවැත්විනි.

ජායාරූප - ඩේලිමේල්
miss 600px 1miss 600px 2miss 600px 3

No comments:

Post a Comment