HIRU TV

Sunday, November 10, 2013

Minister’s wife behind Salaka casino!

සලාකා කැසිනෝව පිටුපස ඇමති බිරිඳක්!

Minister’s wife behind Salaka casino!

Women 410px 10-11-13hirunewsපසුගිය  04 දා පොලීසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැටලූ,  ‘සලාකා රෙජිනෝ' කැසිනෝ ශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඇමතිවරයකුගේ බිරිඳක් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරිඳක් විසින් බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මර්ග වලින් වාර්තාවේ.

එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, කොළඹ,  පුරහල ප්‍රදේශයේ මෙම කැසිනෝ ශාලාව අවහිරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇත්තේ,  ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල නිලධාරියකුගේ රැකවරණය යටතේ ය.

අමාත්‍යවරයාට ඔහුගේ අමාත්‍යංශයේ ටෙන්ඩර් හා කොන්ත්‍රාත්
හරහා ලැබුන රුපියල් කෝටි ගණනක  මුදල් වලින් කොටසක්, ඉතාලියේ සිටින ඔහුගේ බිරිදගේ සොයුරියට යවා, යලි ඇයගේ නමින් මෙම කැසිනෝ ශාලාවට ආයෝජනය කර ඇත.

එහෙත් පසුව, ඇමති බිරිඳ හා ව්‍යාපාරිකයාගේ බිරිඳ අතර,  ඇමතිවරයා සම්බන්ධයෙන් ඇතිවූ පෞද්ගලික ගැටුමක් හේතුවෙන්,  මෙම කැසිනෝ ශාලාවේ කළමනාකරණ කටයුතු ව්‍යාපාරිකයාගේ බිරිඳ යටතට පවරා ගෙන ඇත.
මේ සඳහා ඇමති බිරිඳගේ සොයුරිය  විසින් ආයෝජනය කල මුදල පවා ලබාදීමට ව්‍යාපාරිකයාගේ බිරිඳ ප්‍රතික්ෂේප කොට ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රබලයා සමග පවත්වාගෙන යන සමීප සම්බන්ධතාවය බලයක් ලෙස යොදා  ගනිමිනි.

මෙම තත්වය තුල මෙම කැසිනෝ ශාලාව ගැන පොලිසියට ඔත්තුව ලබාදී ඇත්තේ ඇමතිවරයා විසින් බව ද පැවසේ.

පොලීසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් එම කැසිනෝ ශාලාව වැටලු අවස්ථාවේදී, එහි සිටි යුධ හමුදාවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයින් 43 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

කෙසේවුවද, එම වැටලීම කර පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන්, එම වැටලීම සිදුකල  සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 23 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබුනේ ආණ්ඩුවේ ප්‍රබල නිලධාරියකුගේ බලපෑම් මතබව එජාප  නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

No comments:

Post a Comment