HIRU TV

Sunday, November 10, 2013

Milk powder shortage round the corner?

කිරිපිටි හිගයක් අත ළග

Milk powder shortage round the corner?

9
Milk 410px 10-08-13hirunewsකිරිපිටි මිල ඉහළ යාමක් හෝ කිරිපිටි හිගයක් ඇතිවීමේ ඉඩ කඩ ඇතැයි ආර්ථික ප්‍රවීනයෝ  පැවසූහ.

අදාල කිරිපිටි හිගය ඇතිවීමට ඉඩ ඇත්තේ මේවන විට කිරිපිටි මිල ඉහල දැමීමට කිරිපිටි ආනයන කරනු ලබන සමාගම් පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය ඉල්ලා තිබීම නිසා බවද ඔවුහු පෙන්වා දුන්හ.
එම සමාගම් ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 100කින්ද, කිලෝ එකේ කිරි පැකට්ටුවක මිල රුපියල් 200 කින් ඉහල දැමීමමට ඉල්ලා ඇත.
බොහෝ විට මෙරට බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල
දැමීමට පෙර අදාල භාණ්ඩවල හිගයක් ඇති කිරීම සාමාන්‍ය දෙයක් බවද ආර්ථික ප්‍රවීනයෝ කියති.
කිරිපිටි කොතරම් ගණන් ගියද ඒ සදහා වන ඉල්ලුම පහල නොබසිනු ඇතැයි ද, දියර කිරි පාඩිච්චිය ඊටත් වඩා වියදම්කාරී වැඩක් බැවින් එම තත්ත්වය ඇති වී ඇති බවද පැවසේ.

No comments:

Post a Comment