HIRU TV

Tuesday, November 12, 2013

Madams running smalltime casinos?

කැසිනෝ පෙට්ටිකඩ කරන මැඩම්ලා ?

Madams running smalltime casinos?


Casino club 410px 05-11-13hirunewsරට තුළ කැසිනෝ පෙට්ටි කඩ කරන මැඩම්ලා,  රටේ නීතිය බලූ කරන්නේ නම්, උස්සා පොළොවේ ගසන්නේ නම් විදේශීය කැසිනෝ රජවරු රටේ නීතිය උඩු සුළගේ පා කර හරිනු ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.

කොළඹ ඇස් වාට්ටුව ප්‍රදේශයේ සුපිරි බූරු පිටියක් වැටලු පොලිස් නිලධාරීන්ට දඬුවම් කිරීමත්, එම කැසිනෝ ව්‍යාපාරය දේශපාලන හස්තය වසන් කිරීමට දරන නිහීන උත්සාහයත් ප්‍රශ්න කරමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම්, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන්වේ.

එම නිවේදනය පහත පළවේ.

'' පසුගිය නොවැම්බර් 04 වැනිදා කොළඹ ඇස් වාට්ටුව ප්‍රදේශයේ සුපිරි බූරු පිටියක් පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් වටලා එහි සූදු ක්‍රිඩාවේ යෙදී සිටි ප්‍රභූ පුද්ගලයින් රැසක් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගත්බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.
මෙම බූරු පොළේ සූදු ක්‍රිඩාවේ යෙදෙමින් සිටි
නීතීඥවරු, ධනවත් ව්‍යාපාරිකයන් හා ආරක්ෂක අංශවලට සම්බන්ධ නිලධාරීන් පිරිසක්ද එහි සිට ඇති බව වාර්තා විය.

පුදුමය නම් මෙම බූරු පිටිය වටලා පැය 48 ක් ගතවීමට පෙර එම සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිළධාරීන් 23 දෙනා මාරුකර යැවීමය. එසේ වූයේ ඇයි? මේ පිටුපස සැගවී ඇති සත්‍ය කුමක් ද? මෙය බූරු පිටියක් ද? නැතිනම් කැසිනෝහලක් ද? එය නීත්‍යානුකූල ද? නැතිනම් නීති විරෝධී ද? එයට බලපත්‍ර තිබේ ද? මෙම බූරු පිටිය හෝ කැසිනෝ හලේ   අයිතිකරු කවුද? මෙය පවත්වාගෙන ගියේ කාගේ අනුහසින් ද? එයට ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ, දේශපාලඥයින්ගේ බිරින්`දෑවරුන්ගේ ඇති සම්බන්ධය කුමක් ද? මේ නීති විරෝධී කැසිනෝ ක්ලබ් එකට ආරක්ෂාව රැකවරණය අනුහස ලැබුණේ කාගෙන් ද? අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් 23 දෙනා මාරු කර යැවූ ඇත්ත හේතුව කුමක් ද? මේ සියල්ල ප්‍රහෙළිකාවකි. රහසකි. මේ පිටුපස සැ`ගවුණු කතාව සහ මෙම කැසිනෝහල පවත්වාගෙන ගිය පුද්ගලයන්, කාන්තාවන් හා ආරක්ෂක ප්‍රධානීන් කවුද? යන්න පිළිබදව වහාම රටට, ජනතාවට හෙළි කළ යුතුය.
සූදු පොළේදී අත්අඩංගුවට ගත් ප්‍රභූ පුද්ගලයින් 45 දෙනාට සිදුවූයේ කුමක් ද? ඔවුන් අධිකරණය ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කළේ ද? මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් රට තුළ විශාල විරෝධයක් පවතින අවස්ථාවක මෙම සිදුවීම තුළින් පෙන්නුම් කරන්නේ නීති විරෝධී කැසිනෝහල්, සූදු පිටි රට තුළ තිඛෙන බව නොවේ ද?

ගෙනෙන්නට නියමිත ජේම්ස්  පැකර් ගේ කැසිනෝ ව්‍යාපාර දැඩි නීති රීතිවලින් පාලනය කරන බව ප්‍රකාශ කළද, රට තුළ තිඛෙන බලවත් පුද්ගලයින්ගේ අනුග්‍රහය යටතේ පවතින නීති විරෝධී කැසිනෝහල් වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවේනම් අනාගතයේ ගෙනෙන්නට යන කැසිනෝ රජාගේ මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර ගැන කවර කතාද?

 රට තුළ කැසිනෝ පෙට්ටි කඩ කරන මැඩම්ලා රටේ නීතිය බලූ කරන්නේ නම් උස්සා පොළොවේ ගසන්නේ නම් විදේශීය කැසිනෝ රජවරු රටේ නීතිය උඩු සුළගේ පා කර හරිනු ඇත. නීති විරෝධී කැසිනෝහල් වැටලු නිලධාරීන්ට අත්වන ඉරණම මෙයනම්, රටේ නීතිය ගැන කවර බලාපොරොත්තුවක්ද? කැසිනෝ නියාමනය කරන්නට ඛෙරිහන් දෙන මැති ඇමතිවරුන්ගෙන් අප විමසා සිටින්නේ හැකිනම් ඇස් වාට්ටුවේ බූරුපොළ හෝ කැසිනෝ හල කාගේදැයි රටට හෙළි කරන ලෙසත් ඔවුන්ගේ නම් ගම් එළි දක්වන ලෙසත්ය.

 එයට ආරක්ෂාව දී ඇති මාධ්‍ය මගින් වාර්තා කරන ආරක්ෂක අංශවල මාධ්‍යභාර ප්‍රධානියා කවුද? මේ පැනයම අප පොලිස්පතිතුමාගෙන් විමසා සිටිමු.

ජනාධිපතිතුමනි, නීතිය හරියට ක්‍රියාත්මක නොවන රටකට ආර්ථීකය ගොඩගන්නට මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර අප එපා කියන්නේ මේ නිසාය.''

No comments:

Post a Comment