HIRU TV

Tuesday, November 5, 2013

HOT NEWS FOR ANURADAPURA

නිදි යහනේ දී 5දෙනෙක් කපා කොටා මරලා


HOT NEWS FOR ANURADAPURA
Knife blood 410pxHIRUNEWSඅනුරාධපුර විහාරහල්මිල්ල කුලමේ නිවසක් තුළ නිදි යහනේදීම ඊයේ (04) රාත්‍රියේ පස් දෙනෙක් කපා කොටා ඝාතනය කර තිබේ.
ඒ පිළිබඳව අද (05) උදැසන අසල්වාසීන් විසින් අනුරාධපුර පොලිසියට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ වී තිබේ. මෙම නිවසේ හිමිකරුවා යැයි කියන්නේ පියාදාස නැමැති අයකුටය. ඔහු සමග එම නිවසේ ඔහුගේ බිරිඳ , දියණිය සහ පුතා ජීවත් වී තිබේ.
සඳුදා (04) සවස පියදාසගේ සොයුරියක් මහියංගනයේ සිට මෙම නිවසට පැමිණ ඇත්තේ ඇගේ පුතා සහ තවත් පුද්ගලයෙක් සමඟයි. මහියංගනයේ ඇයට හිමි වී තිබූ ඉඩමක් විකුණා දමා විහාරහල්මිල්ල කුලමේ පියදාසගේ නිවසට පැමිණ තිබේ.
අඟහරුවාදා උදේ අසල්වාසීන්ගේ දැනුම්දීම මත පැමිණි අනුරාධපුර පොලිසිය නිවස තුළ තිබී පස් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. මියගොස් සිටි අය අතර පියදාසගේ බිරිඳ
, දියණිය, පුත්‍රයා, මහියංගනයේ සිට පැමිණ කාන්තාව සහ ඇගේ පුත්‍රයා වන බව පොලිසිය කියයි.
පියදාස බරපතල කැපුම් තුවාල සහිතව වැටී සිටි අතර ඔහු වහා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකට වෙත රැගෙන යනු ලැබීය. පියදාගේ බිරිඳගේ සොහොයුරිය සමග පැමිණි පුරුෂයා මේ වනවිට අතුරුදන් බව පොලිසිය කියයි.
මෙම පංච පුද්ගල ඝාතනයට හේතුව, ඉඩම් ආරවුලක් විය හැකි යැයි පොලිසිය කියයි.

No comments:

Post a Comment