HIRU TV

Thursday, November 14, 2013

Hague urges probe into alleged Sri Lanka war crimes

ලිංගික අපරාධ ගැන ගත් ක්‍රියාමාර්ග මදි - හේග්

Hague urges probe into alleged Sri Lanka war crimes


WillHague 410px 13 11 14hirunewsයුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බව බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් විලියම් හේග් පවසයි.
පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පෙරාතුව කොළඹදී අදහස් දක්වමින් ඔහු මෙලෙස පවසා ඇතැයි බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙවැනි පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය සාක්ෂිකරුවන් සුරැකීම සඳහා වූ ශක්තිමත් නීති පද්ධතියක් ගෙන එන මෙන් තමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව හේග් පවසා ඇතැයි එහි දැක්වේ.
“ලිංගික ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන් රඳවාගැනීමට මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නෑ. මීට අදාළ චෝදනා අතර පවතින එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වල දැක්වෙන්නේ රජයේ හමුදාවන් විසින් අවසන්
යුද සමයේදී හා ඊට පෙර ස්ත්‍රී දූෂණ සිදුකර තිබෙන බවයි,” යැයි ඔහු පවසා ඇත.
පාපොච්චාරණ ලබාගැනීමේදී ලිංගික හිංසා පමුණුවා ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර ඇති බවත්, විශාල හමුදා ප්‍රමාණයක් රැඳී සිටින ප්‍රදේශයක වෙසෙන කාන්තාවන් හා ගැහැණු ළමුන්, විශේෂයෙන්ම එහි සිටින යුද්ධයෙන් කණවැන්දුම් වූවන් 90,000ක් මෙවැනි ලිංගික හිංසා හා අපචාර වලට ලක්වීමේ අවදානමක් ඇතැයිද පැවසෙන බවද හේග් වැඩිදුරටත් පවසා ඇත

No comments:

Post a Comment