HIRU TV

Tuesday, July 16, 2013

SriLanka News


ක්‍රිකට් ආයතනයේ සේවකයකුට ගුවන් හමුදා ප්‍රහාරයක් ! 

AttackMan 570px 13 07 15

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්ජිනේරු අංශයේ සේවය කරනු ලබන විදුලි සේවකයකුට ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී ඊයේ (13) ගුවන් හමුදා නිලධාරියෙකු විසින් නොසෑහෙන්න පහරදී ඇතැයි වාර්තා වේ.
අදාල සේවකයා ඛෙත්තාරාමයේ ලකුණු පුවරුවේ අලුත් වැඩියාවක් සිදු කිරීමට එම ක්‍රීඩාංගනයට ගොස් තිබේ.
පසුව ඔහු එම අලුත් වැඩියාව සිදු කර අවසන්ව නැවත කාර්යාලයට පැමිණිමට උත්සාහ කරද්දී ඔහු ඇතුලට දමා ක්‍රීඩාංගනයේ පරිපාලනය බාරව සිටින ගුවන් හමුදා නිලධාරීන් දොරගුළු වසා දමා තිබී ඇත.
පසුව ඔහු එහි ඇතුළේ සිට පිටත සිටින අයට කෑ ගසා තිබේ.
එය ඇසුණු ගුවන් හමුදා නිලධාරියකු පැමිණ දොරගුළු විවෘත කර ඔහු එළියට ගෙන මෙම පහරදීම සිදු කර තිබේ.
මෙසේ පහර කෑමට ලක්වූ සේවකයා තුවාල ලබා ඇති බවත්, සිද්ධිය යටගැසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉංජිනේරු අංශයේ ප්‍රධානියා වන ජිනරතන නැමැත්තා එම සේවකයාට පොලිසියේ පැමිණිලි නොකරන ලෙසට බලපෑම් කර ඇති බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
මේ තත්ත්වය නිසා අදාල සේවකයා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන නිවසටවී සිටින බවද පැවසේ.
අදාල පහරදීම සිදු කළ ගුවන් හමුදා නිලධාරියාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ 'කුඩු කාරයකුට අම්බානට දුන්න' බවයි.
කෙසේවුවද  මේ සේවකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉංජිනේරු අංශයේ සිටින නමගිය විදුලි සේවකයකු බවත්, ඔහු ක්‍රීඩාංගනවල ඇති දැවැන්ත ආලෝක කුළුණු වලට බඩගා විදුලි දෝෂ සකස් කරන්නෙකු බවද පැවසේ.
මේ සේවකයා නොහදුනන ක්‍රීඩාංගන පාලකයකු කොළඹ ක්‍රීඩාංගනවල නොවන බවද මේ අතර වාර්තා වේ.
ඛෙත්තාරා ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු භාරදී ඇත්තේ ගුවන් හමුදාවටය.

No comments:

Post a Comment