HIRU TV

Friday, July 19, 2013

ride elopes with boyfriend on wedding day

hirunews

පෝරුවට නඟින මොහොතේ මනාලිය උස්සලා

wedding-couple 410px 19-07-මනාලයා සමඟ පෝරුවට නැඟීමට පැයකට පෙර මනාලිය මංගල ඇඳුමෙන් සැරසී, පැරණි පෙම්වතා සමඟ ඊයේ (18) උදේ පැන යෑමේ සිද්ධියක් අහංගම ප්‍රදේශයෙන් වාර්තා වේ. දැනගන්නට ලැබුණු අයුරින් සිද්ධිය සැකවින් මෙසේය.
මනාලිය අහංගම නාකන්ද ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි තරුණියකි. ඇයට සුදුසු විවාහයක් කරදීමට තීරණය කළ ඇගේ මවුපියන් මාපලගම ප්‍රදේශයේ තරුණයකුට ඇය විවාහ කරදීමට කටයුතු සූදානම් කර තිබේ.
මංගල උත්සවය පැවැත්වීමට අහංගම ගොන්නගහහේන ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක් ද වෙන් කර ගැනිණි. විවාහ මංගල උත්සවය ඊයේ (18) පැවැත්වීමට නියමිතව තිබුණි. උදේ පහට පමණ මනාලිය තම නැගණිය සමඟ උත්සව ශාලාවට ගියාය. එහිදී රූපලාවන්‍ය ශිල්පිනිය මනාලියට මංගල ඇඳුම අන්දවා හැඩ වැඩ කළාය.
අනතුරුව දෙවැනි මනාලියට ඇන්දවීම ආරම්භ කළාය. ඒ වන විට වේලාව උදේ හතට ආසන්නය. ත්‍රිරෝද රථයක් පැමිණ උත්සව ශාලාව ඉදිරිපිට නතර විය. ඉන් බැස ගත් තරුණයකු තමාගේ නංගී වන මනාලිය නිවසට කැඳවා ගෙන යාමට පැමිණි බව උත්සව ශාලා අයිතිකරුට පවසා මනාලිය සිටින කාමරය විමසා ඇත.
කාමරයට ඇතුළු වූ තරුණයා මනාලිය සමග කතා කර ආපසු ත්‍රිරෝද රථයට පැමිණ ඇත.
ඒ සමගම මනාලියද මංගල ඇඳුම පිටින්ම ත්‍රිරෝද රථයේ පසු පස වාඩිවූවාය. මනාලිය රැගත් ත්‍රිරෝද රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
රූපලාවන්‍ය ශිල්පිනිය ආපසු පැමිණ මනාලිය සොයන විට ඇය අයියා සමග නිවසට ගිය බව උත්සව ශාලා හිමියා පවසා තිබේ. තවදුරටත් සොයා බලන විට මනාලිය පැරණි පෙම්වතා සමඟ පලාගොස් ඇති බව අනාවරණය වී ඇත.
ඊට ටික වේලාවකට පසු ගාල්ල මාපලගම ප්‍රදේශයේ සිට මනාලයා මනාලිය කැන්දා ගෙන යෑමට ඥාති පිරිසත් සමඟ පැමිණ තිබේ.
උත්සව ශාලාවේ කිසිම කලබලයක් නැත. මනාලියගේ ඥාතීහු කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ තත්ත්වයට පත්ව සිටියහ. විස්තර සොයා බලන විට මනාලිය පැරණි පෙම්වතා සමඟ පලා ගොස් ඇති බව දැන ගැනීමෙන් පසු මනාලයා ගේ ඥාතීහු මනාලියගේ මවුපියන්ට දොස් නඟමින් අහංගම පොලිසියට ගොස් මනාලියගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක් දමා තිබේ.

No comments:

Post a Comment